සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

නුඹ අදත් ඒ යැයි මග බලන් සත්තමයි මම මග බලන්

ගත දවන 

උණුසුමත් සමග 

හිත පිරෙන 

හීනයත් එක්ක 

නුඹ අදත් ඒ යැයි 

මග බලන්


මගේ ඇසිපිය පියා 

විසිරෙන 

සුසුමකින් නුඹේ

මුව තෙමන්නට 

බල කරන සිත 

නුඹ අදත් ඒ යැයි 

මග බලන්

අහස සඳ තරු

සඟවමින්

රැයත් මැදියම

ගෙවන මොහොතේ

රළු දෙනෙත් මත

තබමි සෙනෙහස

සසරෙ හුරු

නුඹගේ නමින්


ඉතින් 

අපි අපෙම වෙන

මේ හීනයේ

වෙන් නොවන්නට 

සඳ දියේ 

නුඹ අදත් ඒ යැයි 


මග බලන්


සත්තමයි 

මම මග බලන්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment