සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

විසිර ගියොතින් ඒ හීන මල් රිදෙන්නේ සිතමයි

විසල් සිත් අහසම නුඹයි
එය අයිති නුඹටමයි
මේ සිත පුරා මා කරන
මල්දම් පුදන්නේ නුඹටයි

මගේ ඇසිපිය වදින මානෙක
සොයන්නෙ නුඹවයි
නුඹ දුරයි බව දැනුනාම සිත
හඬන්නේ දුකටයි

මේ නුඹ තබා ගිය සුවඳයි
සිත පුරා ඇවිදිමින්
මතකයන් පාරවයි
නෙතු දෑලේ කඳුළු බිඳු පිරෙයි

හීන අහුරක් හිතේ සඟවා
හිඳින්නේ නුඹටයි
විසිර ගියොතින් ඒ හීන මල්
රිදෙන්නේ සිතමයි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment