සඳවතට
මුලු අහස නතුවත්
විසල් රැය
දැන් නිම වෙලා
කුමන අරුමද
සීත නොදැනිම
කොඳ කැකුලු
හිඳ ඇත බලා
හිතක් නැහැ
මට අවදි වන්නට
ඉන්න දෙනවද
තව නුඹේ වෙලා
හිස තබා නුඹේ
පුලුල් පපුතුර
නුඹේ දෙතොලින්
තෙමා නළලත
නුඹට තුරුලුව
ළඟින් ඉන්නට
රිදෙන්නට
දෙකොපුල් සිඹින්නට
තිබු කාලය නිමවෙලා
0 අදහස්:
Post a Comment