සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

නෙතක කඳුලැලි විසිර තරුමල් සිනා විය හද ..........ලවැල්ලේ


නිවෙන දැල්වෙන තරු පොකුරු පොපියවා හද විල මත ....අරා
තැවෙන හද මල හැගුම් ඉතිරුනි පෙමාදර සිත් විල.......... පුරා
සැලෙන නොසැලෙන සිත් වියන යට වැතිරගෙන සියොලඟ අරා
දැවෙන හදවත දුකින් වැළපුනි ගඟක් නවතනු බැරි ..........යුරා

අහස් යහනට යළිත් ඇවිදින් සුවය මැද ගිලෙනට .............සිතා
දවස් ගනිමින් සිත් අසුන මත සැතපුනා සිතිවිලි........... ගොතා
රහස් පවසන තරු පොකුරු යට නිවී සැනසිලි සුව ...........පතා
දහස් වර සුභ පැතුම් එව්වා හමන සුළගේ ................තුරුලතා

කලෙක පෙරදා අහස් තලයට සඳ එපාවූ ................ඇසිල්ලේ
අහක බලමින් අඳුර සමගින් හාද විය සිත ..............නිදැල්ලේ
මතක අමතක කරනු නොහැකිව සඳ හඞන විට ......තැවිල්ලේ 
නෙතක කඳුලැලි විසිර තරුමල් සිනා විය හද ..........ලවැල්ලේ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment