කඳු මුදුන් පුරා රැඳි මීදුමට
තුරු විටප වසා ගත් පිනි පොදට
සුදු ම සුදු හිම මිදෙන සීතලට
පෙම් කරපු කාලයක් වී ය මට
අදත් පිනි වැටෙනවා සීතලත් දැනෙනවා
ඒත් සියොලඟ කටුක දාඩියෙන් තෙමෙනවා
පුතුනි උඹ උපදින්න තව මසක් තියෙනවා
සිව් දෙසින් අපහාස වදන් වැසි වැටෙනවා
කොළ හැළුණු දෙහි ගහේ
කොවුලෙකුත් අඬනවා
එදා වගෙ නොවෙයි ඌ
සමච්චල් කරනවා
කොහා කෑගහපුදෙන්
අපුල වැහි වැහැපුදෙන්
හඳ ඉසව්වට රුදුරු
පොලු පහර වැදුනදෙන්
ඒත් හඳ දිලෙනවා
මුදු එළිය ගලනවා
මගේ දිවි දෙවැනි කොට
මං උඹව රකිනවා
0 අදහස්:
Post a Comment