සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

can love no more.”

Yet nothing can to nothing fall,
Nor any place be empty quite;
Therefore I think my breast heart all
Those pieces still, though they be not unite;
And now, as broken glasses show
A hundred lesser faces, so
My rags of heart can like, wish, and adore,
But after one such love, can love no more.”

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නෙතක කඳුලැලි විසිර තරුමල් සිනා විය හද ..........ලවැල්ලේ


නිවෙන දැල්වෙන තරු පොකුරු පොපියවා හද විල මත ....අරා
තැවෙන හද මල හැගුම් ඉතිරුනි පෙමාදර සිත් විල.......... පුරා
සැලෙන නොසැලෙන සිත් වියන යට වැතිරගෙන සියොලඟ අරා
දැවෙන හදවත දුකින් වැළපුනි ගඟක් නවතනු බැරි ..........යුරා

අහස් යහනට යළිත් ඇවිදින් සුවය මැද ගිලෙනට .............සිතා
දවස් ගනිමින් සිත් අසුන මත සැතපුනා සිතිවිලි........... ගොතා
රහස් පවසන තරු පොකුරු යට නිවී සැනසිලි සුව ...........පතා
දහස් වර සුභ පැතුම් එව්වා හමන සුළගේ ................තුරුලතා

කලෙක පෙරදා අහස් තලයට සඳ එපාවූ ................ඇසිල්ලේ
අහක බලමින් අඳුර සමගින් හාද විය සිත ..............නිදැල්ලේ
මතක අමතක කරනු නොහැකිව සඳ හඞන විට ......තැවිල්ලේ 
නෙතක කඳුලැලි විසිර තරුමල් සිනා විය හද ..........ලවැල්ලේ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹට තුරුලුව ළඟින් ඉන්නට

සඳවතට 

මුලු අහස නතුවත් 

විසල් රැය 

දැන් නිම වෙලා

කුමන අරුමද 

සීත නොදැනිම

කොඳ කැකුලු

හිඳ ඇත බලා

හිතක් නැහැ 

මට අවදි වන්නට

ඉන්න දෙනවද 

තව නුඹේ වෙලා
හිස තබා නුඹේ 

පුලුල් පපුතුර

නුඹේ දෙතොලින් 

තෙමා නළලත

නුඹට තුරුලුව 

ළඟින් ඉන්නට

රිදෙන්නට 

දෙකොපුල් සිඹින්නට

තිබු කාලය නිමවෙලා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹ අදත් ඒ යැයි මග බලන් සත්තමයි මම මග බලන්

ගත දවන 

උණුසුමත් සමග 

හිත පිරෙන 

හීනයත් එක්ක 

නුඹ අදත් ඒ යැයි 

මග බලන්


මගේ ඇසිපිය පියා 

විසිරෙන 

සුසුමකින් නුඹේ

මුව තෙමන්නට 

බල කරන සිත 

නුඹ අදත් ඒ යැයි 

මග බලන්

අහස සඳ තරු

සඟවමින්

රැයත් මැදියම

ගෙවන මොහොතේ

රළු දෙනෙත් මත

තබමි සෙනෙහස

සසරෙ හුරු

නුඹගේ නමින්


ඉතින් 

අපි අපෙම වෙන

මේ හීනයේ

වෙන් නොවන්නට 

සඳ දියේ 

නුඹ අදත් ඒ යැයි 


මග බලන්


සත්තමයි 

මම මග බලන්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඹේ නළල් තල සිඹින්න කිසිවෙකු නොදකින මානෙක අපේ මතක තබා එන්න..






ලඟට එන්න ආසයි මට

නිදි දෙවු දුව තුරුලේ ඉන්න
 
නුඹේ නළල් තල සිඹින්න

කිසිවෙකු නොදකින මානෙක

අපේ මතක තබා එන්න..


උරහිස මත හිස තියන්න

ආදරයෙන් ළඟින් ඉන්න

කවදාවත් දුරස් නොවී

නුඹේ ලඟම හිත තියන්න


දෙනෙත් පියා ගෙන හිඳින්න

පුංචි හාදුවක් තියන්න

ඒ ඇති මතු සංසාරෙම

නුඹව පතාගෙන හිඳින්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුදු ම සුදු හිම මිදෙන සීතලට පෙම් කරපු කාලයක් වී ය මට

කඳු මුදුන් පුරා රැඳි මීදුමට

තුරු විටප වසා ගත් පිනි පොදට

සුදු ම සුදු හිම මිදෙන සීතලට

පෙම් කරපු කාලයක් වී ය මට


අදත් පිනි වැටෙනවා සීතලත් දැනෙනවා

ඒත් සියොලඟ කටුක දාඩියෙන් තෙමෙනවා

පුතුනි උඹ උපදින්න තව මසක් තියෙනවා

සිව් දෙසින් අපහාස වදන් වැසි වැටෙනවා

කොළ හැළුණු දෙහි ගහේ 

‍කොවුලෙකුත් අඬනවා

එදා වගෙ නොවෙයි ඌ 

සමච්චල් කරනවා

කොහා කෑගහපුදෙන්

අපුල වැහි වැහැපුදෙන්

හඳ ඉසව්වට රුදුරු

පොලු පහර වැදුනදෙන්

ඒත් හඳ දිලෙනවා

මුදු එළිය ගලනවා

මගේ දිවි දෙවැනි කොට 

මං උඹව රකිනවා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

විසිර ගියොතින් ඒ හීන මල් රිදෙන්නේ සිතමයි

විසල් සිත් අහසම නුඹයි
එය අයිති නුඹටමයි
මේ සිත පුරා මා කරන
මල්දම් පුදන්නේ නුඹටයි

මගේ ඇසිපිය වදින මානෙක
සොයන්නෙ නුඹවයි
නුඹ දුරයි බව දැනුනාම සිත
හඬන්නේ දුකටයි

මේ නුඹ තබා ගිය සුවඳයි
සිත පුරා ඇවිදිමින්
මතකයන් පාරවයි
නෙතු දෑලේ කඳුළු බිඳු පිරෙයි

හීන අහුරක් හිතේ සඟවා
හිඳින්නේ නුඹටයි
විසිර ගියොතින් ඒ හීන මල්
රිදෙන්නේ සිතමයි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පියුමෙම... සුවඳ... හදවත................සිප ගනීනම්

පියුමෙම... සුවඳ... හදවත................සිප ගනීනම් 
නොදැනිම... මහද... ඔබෙනෙත .... හමු වුනේනම් 
නියදම... බැරිද... සඳ මත .............. වැහි වලානම් 
සැනසුම... කොහිද... අපවෙත...........දුර ගියේනම් 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS