සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට


ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවෙහි 
විජය කොඩි නගන්නේ කවුරුන්ද

එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිළකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට

ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ 
ගී තනු - රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment