සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

තනිවෙලා මං ඉන්නම් ආදරේ නිසා..


ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුණේ හැරගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා

සසර මැද ඔබ හමුවී දිගම ගමනට සැරසී
අතරමඟ මා හැරදා යන්න ඕනේ කිවුවා
ස‍ඳේ නුඹවත් මගේ මේ දුක අසයිනම්
පිළිගන්න  කිසිදා ඔහු එන්නෑ යලී... ඔහු එන්නෑ යලී...

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුණේ හැරගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා

කඳුළු කැට සිරවීලා නොපිපි මල් පරවීලා
කොහෙද නුඹ පෑ සිනහා යළිදු දැක ගනු සඳහා
ඔබේ මතකෙන් මගේ හිත දුරස් නොවෙයි නම්
තනිවෙලා මං ඉන්නම් ආදරේ නිසා... ආදරේ නිසා...

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුණේ හැරගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා




  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment