සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ




නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා

අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ 
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ 
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


ගායනය - රෝහණ බෝගොඩ
ගී පද - දයා ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment