සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

කදුළු පිරිලා...


කදුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පැරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන් වෙලා...
හමුවන්න බෑ ඔයා සැගවි මෙදා...
තනිවන්න බෑ මගෙ හුස්මත් ඔයා...


කදුළු පිරිලා...

රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිවුවේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා...

කදුළු පිරිලා...





යලි නො ඵන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනහිලා
තාමත් අතීතේ මා නැවතිලා...



කදුළු පිරිලා...



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හමුවිමත් සුන්දරයි වෙන්විමත් සුන්දරයි හමුවිම හා වෙන්විම අතර කාලය කියා ගන්න බැරි තරමට සුන්දරයි




හමුවිමත් සුන්දරයි

වෙන්විමත් සුන්දරයි

හමුවිම හා වෙන්විම

අතර කාලය

කියා ගන්න බැරි 

තරමට සුන්දරයි 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

එයාව සතුටෙන් තියන්න


මාව කොච්චර රිදෙව්වත්

මාව කොච්චර හැඩෙව්වත්

අනේ දෙවියනේ එයාව

හැම මොහොතෙම සතුටෙන් තියන්න
 
මට එයා දුකෙන් ඉන්නවා

බලන් ඉන්න බෑ දෙවියනේ ..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්න බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආරාධනා

පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා අයේ
යළි නොමයේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යලී




මතක නැද්ද ආදරෙන් උන්නා ලංවෙලා
 
දවස තිස්සේ රෑ පුරා කථා කල ඔයා 

ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා 

එන්නේ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා 

අඳුරු අහසේ හිටි ගමන් එළිය සැඟවෙලා 

සීත රැයක පාළුවේ උනුසුමක් වුනා //

මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා 

යන්න කොහෙ ගියාදෝ රත්තරන් ඔයා 

මතක නැද්ද ............

හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැති 

පාළු හිතට ආයේ සැනසුමක් නොයේ //

හිතේ මාලිගා කඩාලා ඔයා ගිය හැටී 

එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යලී

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ




නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා

අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ 
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ 
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


ගායනය - රෝහණ බෝගොඩ
ගී පද - දයා ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දරුවන් නැති මව්පිය වරුනේ ....




කුසගිනි උහුලන 

වැරහැලි ඇඳගෙන

මහමඟ ඇවිදින 

දු පුතුනේ ..

මව්පිය වරදින

පාරේ දමා යන
 
මල් වැනි කීරිකැටි

සිඟිත්තනේ ....

වැස්සේ තෙමිගෙන

අහුවේ කරවෙයි

හිගමන් අයදින

පැංචියනේ ..

කෙලෙසද මේ දුක

උහුලන් ඉන්නේ

රුවන් නැති

මව්පිය වරුනේ ....



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඔබ මාගේමයි මසිතට හැඟුනා




දස දහසක් සිතුවිළි හද රැඳුනා

සිය දහසක් රස කවි වැල් ගෙතුනා

පද වැල් අතරෙහි ඔබෙ රුව පෙනුනා

කවියේ අරුතද ඔබමැයි සිතුනා

එක් කවියක ඔබ හිනැහෙනු පෙනුනා

මගේ සුරත ගෙන සැනසෙනු දැනුනා

සොඳුරු සිතුම් සිහිනෙක සිත රැඳුනා

ඔබ මාගේමයි මසිතට හැඟුනා

දුක් බර කවියක ඔබෙ රුව මැකුනා

සිතුවම් කඳුලින් බොඳ වෙනු පෙනුනා

ඔබේ සුරත වෙන දෑතක රැඳුනා

මට පිටුපා ඔබ ඈතට ඇදුනා


new song 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මි යන්න


එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මි යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න //

නිදා නොනිදා පහන් කල රෑ
කෙතරම්ද මේ අහස යට //
කියා ගන්නට බැරිව හිටි දුක්
දන්නේ කවුරුද ඔබම මිස

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මි යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න

මලානික වූ මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස //
පිපේනම් ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මි යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ජිවිතය පුරාම බලන් ඉන්නව මම


ජිවිතය පුරාම 


බලන් ඉන්නව මම

නුඹ රැගෙන ගිය 


මා ජිවිතය අරන්


නැවත මා ලඟට එනකන්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

තාමත් තරහින් නේද ඔයා....

තාමත් තරහින් නේද ඔයා
හඩනා හඩනා ඈස් තෙමිලා
නෑතුව ඉන්න බෑ මගේ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා 
මගේ හුස්ම කවදත් ඔයා

පොඩි දේටත් තරහා අරන්
රන්ඩු වෙලා නොදරුවෙකු ලෙසින්
ආයේ ටිකෙන් වෙනස් වෙලා
පෙර සේම උන්නත් ඉතින්

කවදාවත් නෑ මගේ සෙනෙහේ කිසි කෙනෙකුට දෙන්නේ
ඔබට තිබෙන ආදරය මගේ මන් විතරයි දන්නේ

තාමත් තරහින් නේද ඔයා....

හිත රිදුනත් නෙතු තෙමුනත්
අඩුවක් නෑ හිත උනන සෙනේ
තරහා නොවී ඉමු මතුවත්
මියෙන තුරා ආදරයෙන්

කවදාවත් නෑ මගේ සෙනෙහේ කිසි කෙනෙකුට දෙන්නේ
ඔබට තිබෙන ආදරය මගේ මන් විතරයි දන්නේ

තාමත් තරහින් 
නේද ඔයා..

New Song ........

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ..





ඔයා ලගින් නැති පාලුව දරා ගන්න බෑ....
ඔයා ලගින් ඈත් වෙලා මට ඉන්නට බෑ ....
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ....
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පුරහඳ වී දිලුණේ නුඹමයි....


හමුවන දහසක් නෙතු අතරේ

මා සෙව්වේ ඔය දිගු දෑසයි...

ඝනදුරු රෑයම තිත්ත කළුවරේ

පුරහඳ වී දිලුණේ නුඹමයි....


හදින් ලියූ මෙ සෝක කවි 

අපේ ආදරේ හෙට දවසයි.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දුප්පත්ද මගෙ ආදරෙ...


ඇස් රිදෙනකම් බලා 
හිත රිදෙනකම් සිතා
මා ඔබට පෙම් කලා
මුළු හදින් පෙම් කලා...
නොහැගි සේ ඉන්නෙ ඇයි 
දුප්පත්ද මගෙ ආදරෙ…

ඇස් දෙකෙ එල්ලිලා 
ඔය හිතෙ පැටලිලා
උන්නාට පැතුමක් තියා
හිත බියෙන් ගොළු වෙලා
කිව් විටක හැරයයිද මා
නැතිවෙයිද මිතුදම් අපෙ 
දුප්පත්ද මගෙ ආදරෙ...

තනිකමේ තනිවෙලා
මා සිතින් පෙම් කළා
වෙනකෙකුගේනම් වෙන්නෙපා
ඔබමයි මට මැව් කෙනා
කිව් විටක හැරයයිද මා
නැතිවෙයිද මිතුදම් අපෙ 
දුප්පත්ද මගෙ ආදරෙ...
 
 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඉතින් මේ ජීවිතය, සදාකල් නුබට පමනයි ...


ජීවිතය අතරමගදී අහම්බෙන් වගෙ,
හමු උන අනාගතය නුඹයි ...
විඩාබර අතීතයට සමුදී,
සිත විදි සිසිලසද නුඹයි ...
යලි උපන් මේ ජීවිතය,
බිහි කෙරුවේද නුබයි ...
ඉතින් මේ ජීවිතය,
සදාකල් නුබට පමනයි ...


බුදු සරණයි ඔයාට 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අනේ මට සැරෙන් කතාකරන්න එපා ගොඩාක් දුක හිතේනවා ,,,,




ඕනෙම නම් 

මං දාලා යන්න

කොහොමද 

නවත්තන්නේ මං....

අහස වගේ නොසැලි ඉන්න

පොළොව වගේ දරා ගන්න

හැම දුකක්ම උහුල ගන්න

මගේ හිතට කියා දෙන්න....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

තනිවෙලා මං ඉන්නම් ආදරේ නිසා..


ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුණේ හැරගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා

සසර මැද ඔබ හමුවී දිගම ගමනට සැරසී
අතරමඟ මා හැරදා යන්න ඕනේ කිවුවා
ස‍ඳේ නුඹවත් මගේ මේ දුක අසයිනම්
පිළිගන්න  කිසිදා ඔහු එන්නෑ යලී... ඔහු එන්නෑ යලී...

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුණේ හැරගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා

කඳුළු කැට සිරවීලා නොපිපි මල් පරවීලා
කොහෙද නුඹ පෑ සිනහා යළිදු දැක ගනු සඳහා
ඔබේ මතකෙන් මගේ හිත දුරස් නොවෙයි නම්
තනිවෙලා මං ඉන්නම් ආදරේ නිසා... ආදරේ නිසා...

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුණේ හැරගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා




  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වරම් අහිමි වූ




පතන්නට පවා මා වරම් අහිමි වූ

හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ 

දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු

මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ 

................

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඔ ඇවිදින් මා හඩවයි..


නුඹ මට හමු නොවුනානම්...

මා නුඹට පෙම් නොකලා නම්...

මා දමා නොයා ලග හිටියානම්...

මේතරම් දුකක් මා හද නොපාරාවිනේ...//

ගොන්මන් කළුවර ඇවිදින්...

හිරැ යන්න ගියා සද ඇවිදින්...

තරැ මල් ඇහැරී හිනැහෙයි...

දුක්බර කවියක් මසිතට අරගෙන...

නුඹ ඇවිදින් මා රිදවයි...

ඔබ යන්න ගියා සිත දවමින්...

මගෙ නෙතට කදුළු මල් ගෙනැවිත්...

සිත්මල් පෑරී පරවෙයි...

පෙම්බර සිතුවිලි සැනින් මිලින කර...

නුඔ ඇවිදින් මා හඩවයි...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නිදියන්න සදහටම නෙතු පියන්





නිදියන්න සදහටම නෙතු පියන්

ඔය දෑතේ බැදුනේම ආදරෙන්

නොකියාම නුඹ ගිහින් සමු අරන්

පාළු අඳුරු මළ ගෙදරක් පපුවේ දැන්....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මේ ලෝකේම මා ලඟ තිබුනත් මට වැඩක් නෑ ඔයා මගේ ලඟ නැතිව.




මේ ලෝකේම 

මා ලඟ තිබුනත් 

මට වැඩක් නෑ

ඔයා මගේ 

ලඟ නැතිව.
...................

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඔබේ දෙපාළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්......


සෙනෙහස විදිනට පින් කර ඇතිමුත් 

පිවිතුරු ඔබේ හදින්...

ඔබේ දෙපාළඟ දුහුවිල්ලක්වත් 

වන්නට නොමැත වරම්......

එකතැන රැදුනද මනසින් හැඟුමින් 

ඔබ මා එකම සිතින්...

කුමටද නිදිනැති යහනක නැතිනම් 

ඔබගේ සුසුම් පවන්...

යළි යළි බැදුනද නොසැලෙන විලසින් 

ඔබ මා සිතට සිතින් 

කුමටද නැතිකළ සෙවනට මොහොතක් 

ඔබ ළඟ රැදෙන වරම්...




( chandraleka perera )

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට


ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවෙහි 
විජය කොඩි නගන්නේ කවුරුන්ද

එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිළකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට

ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ 
ගී තනු - රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මගෙ හිතට හිතෙනවා තනි උනා කියා



මට තාම දැනෙනවා
ඔබ දුන්නු වේදනා
හිතතාම දන්නවා
මං වැරදි නෑ කියා
ඔබ තාම දන්නවා
මං ආදරෙයි කියා
දැක් දැකත් මගෙ දිහා
නොබලාම යන්න ගියා
ඒ කී කතා පිලිගන්න උනු නිසා
ඔබ මා හැර ගියා
ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා
ඇස් තාම රිදෙනවා
මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා
ඔබ එන්නෙ නෑ කියා
මගෙ හිතට හිතෙනවා
තනි උනා කියා
ඔබ එන්නෙ නැති නිසා
මගෙ හුස්ම නැවතුනා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS