සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

විවේචනය

දිනෙන් දින පිරිහෙන මනුස්සකම ගැන අටුවා ටිකා මොකටද ? මගකට බැහලාම බලන්න ඔනේ. ඉතින්  අදත් මා වෙනදා වාගේ වැඩට එන්න බස් එකට අවා. අපි පොඩිකාලේ පාසැල් ගියපු බස්වල කොන්දොස්තර මහත්වරුම තමයි තවත් ඉන්නේ. බස් එකේ පිටුපස සිට්එකේ පංතියන පිරිමි ළමයි වගයක් ඉදගෙන හිටියා මම ඊට ඉස්සරහා සිට්එකේ ඉදගෙන හිටියේ.  ඒ ළමයි තමන්ගේ ගුරුවරිය ගැන කතා කර කර ආවේ. තමන්ගේ ගුරුවරිය ගැන  ආමන්ත්‍රන කරන්නේ පට්ට කැල්ල කියලා. ඇය අදින පලදින විදිහ ගැන ඇත්තෙන්ම ගුරුවරියක් අදින්නේ සාරිය හරි ඔසරියක්. බඩ පෙනවාද පිට පෙනේවාද කියන එක නෙමෙයි  වැදගත් ඇය උගන්වන දෙයයි වැදගත්. බස්රථයක් තුල තමන්ගේ පංතියට ඇවිත් උගන්වන ගුරුවරියට අවමන් කරන තරම් ළමයි මේතරම් පහත් මානසික තත්වයකට පත්වේවියැයි එම ගුරුවරිය නොසිතන්න ඇත. මෙම ළමයි විතරක් නොව අද සමාඡයේ පිරිමි වෙනත් ස්ත්‍රින්  විග්‍රකරන්නෙ තමන්ගේ ගෙදර සිටින කාන්තා පාර්ෂවය අමතක කරලා විය හැක සමහර විට ඔහුගේ මව. බිරිද .සහොදරිය අදින පළදින විදිහ ඔවුන්ට අමතක වි ඇතිද? තවත් කාන්තාවකට අවමන් කිරිමට පෙර තමන් කිපවිටක්ම සිතිය නොවේද.
අන් අය විවේචනය නොකර තම තමන්ගේ වැඩක් බලාගෙන රටට වැඩදායි පුද්ගලයකු විමට . එවගේම නිකරුනේ තවත් කෙනේකුට හිනවෙන වෙලාවේ තමන්ගේ අතපසුවිම් මතක් කර තමන්ට යහපතක් කරගන්න සිතුවානම් මිට වඩා අගයක් දැනේ. ගුරුවරියට හිනා වුන වෙලාවේ තමන් ඉගන ගන්න යන විෂය සම්බන්දව කතා කර දැණුම වර්ධනය කරගන්න නොසිතුනේ මන්ද ! 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මමත් මගේ හිතත් හඬන

ඔබ ගැන තතු මට කියන්න
කවුරුවත්ම නෑ
අපි විරසක වෙලා කියා
කවුරුත් දන්නෑ
ඔබෙන් මිදෙන්නට හැකි නම්
මේ හැටි ඉන්නෑ
මමත් මගේ හිතත් හඬන
හැටි නුඹ දන්නෑ....

මද්දහනේ ගිනියම් බව
මට තේරෙන්නෑ
වැහි වහිද්දි හීතලයිලු
මට දැනුනෙම නෑ
ජීවිතයම ඔබෙන් තොරව
ගෙවනු දන්නෙ නෑ
මෙතරම් පෙම් කළත් ඔබට
ඔබ මට හිමි නෑ
මට සෙනෙහස ඇති තැන් ළඟ
සිත ලෙංගතු නෑ
ලෙංගතු කම් වැඩි වුණාම
දුක ඇයි දන්නෑ
හිත සොයනා හිත නොලබන
සෙනෙහස ඔබ පෑ
මතු කවදාවත් ආයෙම
මගෙම වෙන්නෑ...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මේ සංසාරය පුරා

ප්‍රේමය යනු තමා වෙනුවෙන් එක්රැස් කිරීමක් නොව 
අනෙක වෙනුවෙන් පරිත්‍යාග කිරීමය
ජීවිතය යනු පුර්වාත්මයේ එකට උන් ආත්මියයන් 
සොයා යන ගමනයි 
පතාගෙන ආ අය ලැබුණු කල ජීවිතය තව්තිසාවකි 
පතාගෙන ආ අය හමු නොවූ කල ජීවිතය අපායකි
මේ සංසාරය පුරා අප කරන්නේ
අපට වඩාත් ආදරය කරන අය සොයමින් වන්දනා කිරීමය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සෙනෙහසේ අරුමය


ලබන්නට අසීමිත 


ආදරයේ උණුහුම

විඳින්නට අසීමිත 

සෙනෙහසේ අරුමය

දරන්නට අසීමිත 

දයාවේ හිමිකම

හිඳින්නම් අසීමිත 

ආදරයෙන් ඔබහට

.........................

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඔබහට ගොඩක් පිං

මිතුරෙක් ලෙසින් පමනට ආදරේ නං
සැනසිල්ලට කල මැන එක දෙයක් දැං
පෙර ආ තැනට මා අරගෙන ගියා නං
ලැබෙනවා සොදුර ඔබහට ගොඩක් පිං

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

can love no more.”

Yet nothing can to nothing fall,
Nor any place be empty quite;
Therefore I think my breast heart all
Those pieces still, though they be not unite;
And now, as broken glasses show
A hundred lesser faces, so
My rags of heart can like, wish, and adore,
But after one such love, can love no more.”

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නෙතක කඳුලැලි විසිර තරුමල් සිනා විය හද ..........ලවැල්ලේ


නිවෙන දැල්වෙන තරු පොකුරු පොපියවා හද විල මත ....අරා
තැවෙන හද මල හැගුම් ඉතිරුනි පෙමාදර සිත් විල.......... පුරා
සැලෙන නොසැලෙන සිත් වියන යට වැතිරගෙන සියොලඟ අරා
දැවෙන හදවත දුකින් වැළපුනි ගඟක් නවතනු බැරි ..........යුරා

අහස් යහනට යළිත් ඇවිදින් සුවය මැද ගිලෙනට .............සිතා
දවස් ගනිමින් සිත් අසුන මත සැතපුනා සිතිවිලි........... ගොතා
රහස් පවසන තරු පොකුරු යට නිවී සැනසිලි සුව ...........පතා
දහස් වර සුභ පැතුම් එව්වා හමන සුළගේ ................තුරුලතා

කලෙක පෙරදා අහස් තලයට සඳ එපාවූ ................ඇසිල්ලේ
අහක බලමින් අඳුර සමගින් හාද විය සිත ..............නිදැල්ලේ
මතක අමතක කරනු නොහැකිව සඳ හඞන විට ......තැවිල්ලේ 
නෙතක කඳුලැලි විසිර තරුමල් සිනා විය හද ..........ලවැල්ලේ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS