සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

විවේචනය

දිනෙන් දින පිරිහෙන මනුස්සකම ගැන අටුවා ටිකා මොකටද ? මගකට බැහලාම බලන්න ඔනේ. ඉතින්  අදත් මා වෙනදා වාගේ වැඩට එන්න බස් එකට අවා. අපි පොඩිකාලේ පාසැල් ගියපු බස්වල කොන්දොස්තර මහත්වරුම තමයි තවත් ඉන්නේ. බස් එකේ පිටුපස සිට්එකේ පංතියන පිරිමි ළමයි වගයක් ඉදගෙන හිටියා මම ඊට ඉස්සරහා සිට්එකේ ඉදගෙන හිටියේ.  ඒ ළමයි තමන්ගේ ගුරුවරිය ගැන කතා කර කර ආවේ. තමන්ගේ ගුරුවරිය ගැන  ආමන්ත්‍රන කරන්නේ පට්ට කැල්ල කියලා. ඇය අදින පලදින විදිහ ගැන ඇත්තෙන්ම ගුරුවරියක් අදින්නේ සාරිය හරි ඔසරියක්. බඩ පෙනවාද පිට පෙනේවාද කියන එක නෙමෙයි  වැදගත් ඇය උගන්වන දෙයයි වැදගත්. බස්රථයක් තුල තමන්ගේ පංතියට ඇවිත් උගන්වන ගුරුවරියට අවමන් කරන තරම් ළමයි මේතරම් පහත් මානසික තත්වයකට පත්වේවියැයි එම ගුරුවරිය නොසිතන්න ඇත. මෙම ළමයි විතරක් නොව අද සමාඡයේ පිරිමි වෙනත් ස්ත්‍රින්  විග්‍රකරන්නෙ තමන්ගේ ගෙදර සිටින කාන්තා පාර්ෂවය අමතක කරලා විය හැක සමහර විට ඔහුගේ මව. බිරිද .සහොදරිය අදින පළදින විදිහ ඔවුන්ට අමතක වි ඇතිද? තවත් කාන්තාවකට අවමන් කිරිමට පෙර තමන් කිපවිටක්ම සිතිය නොවේද.
අන් අය විවේචනය නොකර තම තමන්ගේ වැඩක් බලාගෙන රටට වැඩදායි පුද්ගලයකු විමට . එවගේම නිකරුනේ තවත් කෙනේකුට හිනවෙන වෙලාවේ තමන්ගේ අතපසුවිම් මතක් කර තමන්ට යහපතක් කරගන්න සිතුවානම් මිට වඩා අගයක් දැනේ. ගුරුවරියට හිනා වුන වෙලාවේ තමන් ඉගන ගන්න යන විෂය සම්බන්දව කතා කර දැණුම වර්ධනය කරගන්න නොසිතුනේ මන්ද ! 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment