සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

මමත් මගේ හිතත් හඬන

ඔබ ගැන තතු මට කියන්න
කවුරුවත්ම නෑ
අපි විරසක වෙලා කියා
කවුරුත් දන්නෑ
ඔබෙන් මිදෙන්නට හැකි නම්
මේ හැටි ඉන්නෑ
මමත් මගේ හිතත් හඬන
හැටි නුඹ දන්නෑ....

මද්දහනේ ගිනියම් බව
මට තේරෙන්නෑ
වැහි වහිද්දි හීතලයිලු
මට දැනුනෙම නෑ
ජීවිතයම ඔබෙන් තොරව
ගෙවනු දන්නෙ නෑ
මෙතරම් පෙම් කළත් ඔබට
ඔබ මට හිමි නෑ
මට සෙනෙහස ඇති තැන් ළඟ
සිත ලෙංගතු නෑ
ලෙංගතු කම් වැඩි වුණාම
දුක ඇයි දන්නෑ
හිත සොයනා හිත නොලබන
සෙනෙහස ඔබ පෑ
මතු කවදාවත් ආයෙම
මගෙම වෙන්නෑ...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment